'වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහනවා'


“තිබ්ච්ච කරුමෙ වැඩක් නෑ කියලා ජනතාව තවත් එකක් ඕන කියල තවත් ආණ්ඩුවක් ගත්තා. දැන් දාගත්තු කරුමය තිබ්බ කරුමෙට වඩා එහා. දැන් ඇඟට දාගත්ත ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද කියා මිනිසුන් බලා ඉන්නේ” යැයි ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

රට ව්‍යසනයකට ගමන්කරන විට මහා සංඝයා එක්ව එකතුව ‍ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත්, එය අතීතයේ සිට සිදු වූ දෙයක් බවත් කී උන්වහන්සේ රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවද කියා සිටියහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (22දා) ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්හමුවීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

“වත්මන් රජය මොනයම් සූත්‍රයක් දමා හෝ මැතිවරණය කල් දමනවා.එහෙන් බැංකු කනවා. අනික් පැත්තෙන් අධ්‍යාපනය කනකම් බලං ඉන්නවා.නිකන් හිතන්න ඕන මේක පිනට ලැබිච්ච එකක්. ඒක නිසා ජනතාවට වැඩක් කරන්න ඕන කියල.මෙහෙම ගියොත් රට ඉතාමත් ඉක්මනට විනාශ වී යනවා.”

Powered by Blogger.