ඈත් වූ ශ්‍රීලනිප සාමාජිකයන් යළිත් මෛත‍්‍රී සමීපයට. - Info Sri Lanka News | Sinhala

ඈත් වූ ශ්‍රීලනිප සාමාජිකයන් යළිත් මෛත‍්‍රී සමීපයට.


ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රචාරක ව්‍යාපෘති සමඟ සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යළිත් ජනාධිපතිවරයා සමඟ දේශපාලන කටයුතු කිරීමට එකගතාව පළ කර ඇත. මේ පිරිස ඉදිරි සතියේ දී ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් හැර අනෙකුත් කණ්ඩායම් සමඟ ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද මේ පිරිස සූදානම් වේ. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කණ්ඩායමක් ලෙස නැවත ශ‍්‍රීලනිපය සමඟ එක්වීම ය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු සමඟ මේ පිරිස සාකච්ඡා කර ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨයා විසින් ජනාධිපතිවරයා සමඟ මොවුන්ගේ පණිවුඩය පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහි දී අදාළ පිරිස විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශී‍්‍රලනිප පාක්ෂිකයන් ළගට නොගියහොත් තමන්ගේ අනාගත දේශපාලනයට තිත තැබෙන බවයි.

Share on Google Plus