ජනාධිපති, උතුරේ විරෝධතාකරුවන්ට කොළඹ එන්න කියයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදි ඊයේ (14) සවස කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හමුවිය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එහිදි ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදුන් අතර, එහිදී ඥාතීන් පැවසූවේ තම දරුවන් කඩිනමින් සොයාදෙන ලෙසයි.

පසුව එම ඥාතීන් මාධ්‍යට පැවසුවේ, ජනාධිපතිවරයා තමන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමුකොට කටයුතු කරන බවට පැවසු බවත්, තමන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට හා තමන් සමඟ සාකච්ඡා කිරීමට කොළඹට පැමිණෙන ලෙස තමන්ට පැවසු බවත්ය.

යුධ සමයේ අතුරුදහන්වූ සිය පවුලේ පිරිස් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් කිලිනොච්චිය අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දින 237 ක් තිස්සේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට උපවාසයක නිරතවේ.

Powered by Blogger.