පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරුන් සියලුදෙනා  මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්ධුල ගුණවර්ධන මහතා අද(17දා) පැවසීය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.

ඒ අනුව සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සනත් නිශාන්ත මහතා ආරම්භයේ සිට එකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ බවත්, ආණ්ඩුවට වසර දෙකහමාරක් ගතව තිබියදීඑක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ශක්තිමත් කරන වැඩපිළිවෙළට  විරෝධය පා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ඉසිලූ පි‍්‍රයංකර ජයරත්න මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉසිලූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා පසුව එක්වුණු බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අරන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ද මෙම සාකච්ඡාවේදී අදහස්  දැක්වූ අතර ඔවුන් ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

Share on Google Plus