කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මුදල් ගංවතුරේ.


මේ වසර මැද ඇති වූ , මහා ගංවතුර හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ සැලකිය යුතු කුඩා තේ වතු ප්‍රමාණයක් පුර්ණ වශයෙන් හා අඩු වැඩි වශයෙන් හානි උන අතර , ඒ හේතුවෙන් එම කුඩා තේ වතු හිමියන් මහත් අපහසුතාවට පත් වුයේ ජිවන මාර්ගය අවහිර වී කර කියා ගත නොහැකි තත්ත්වයට පත් වූ බැවිනි. 

මේ පිලිබදව අවධානය යොමු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන්  දිසානායක මහත්මා විසින් , එම කුඩා තේ වතු හිමියන් නගා සිටවනු වස් , හානි පුර්ණය සදහා , වන්දි මුදල් ලබාදීමට තීරණය කල අතර , ඒ එක් අක්කරයක භූමි ප්‍රමාණයක්  සදහා රුපියල් 250000/- බැගින් සහ හානියේ ඇස්තම්නේතුව අනුව හානි පුර්ණය වන අයුරින්ය.

ගංවතුරෙන් හානියට පත් කුඩා තේ වතු පිලිබද තොරතුරු අමාත්‍යශය  විසින් ලබාගෙන ඇත්තේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පාදක කරගනිමිත් තොරතුරු එක් රැස් කිරීමෙන් බව අපට වාර්ථා වේ.

ඒ කෙසේද යත් කුඩා තේවතු හිමියන් එක්ව ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවාගනු ලබන "කුඩා තේවතු සංවර්ධන සමිති" නිලධාරීන් මාර්ගයෙන් තොරතු එක් රැස් කොට අනතුරුව , කලුතර ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරීන් විසින් ශේත්‍ර චාරිකාවක් මගින් තහවුරු කරගැනිමෙන්ද අනතුරුව , වන අතර එම ක්‍රමවේදය යහපාලනයට එකග උවද , අක්‍රමිකතා රැසකට මුල බීජය වී ඇත්තේද එම ක්‍රමවේදය බව අපට පෙනී යයි. 

ඒ කෙසේද යත් , නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් ගංවතුරක් තබා වැසි වතුරක් වත් නොවැටුන පුද්ගයන්, ක්‍රමවේදයේ දුර්වලතාව පිහිට කරගනිමින් අමාත්‍ය වරයාද නොමග යවමින් ,අධාර මුදල් ලක්ෂ ගණන් පිල්ලි ගසා  ඇති බැවිනි.

මේ ක්‍රමවේදය තුල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ඒ ජා ප අගලවත්ත ආසනයේ ප්‍රධාන සංවිදායක , බස්නාහිර පළාත් සභා  මන්ත්‍රී ගරු පි. ඩි අබේරත්න මැතිතුමාට මහජන පැමිණිලි රාශියක් ලැබුන හෙයින් , මේ පිළිබද සොයා බැලීම සදහා ඔහු , පාලින්දනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු ඒ ජා ප මන්ත්‍රි  රජීව නිලන්ත (මංජු) මහත්මා පත් කල අතර , ඒ පිළිබද කරුණු සොයා බලා , ආධාර මුදල් ලබාගත් අයගේ නාමලේඛණය හැකි ඉක්මනින් ලබාගෙන ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලැබුණි,

වහා  ක්‍රියාත්මක වූ රජීව නිලන්ත  මහතා , එම නාමලේඛනය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළුතර ශාඛාවේ  ප්‍රාදේශික කළමණාකරුගෙන් නාමලේඛනය ඉල්ලා සිට ඇති අතර , එය රහස්‍ය වාර්ථාවක් බැවින් නිකුත් කල නොහැකි බව ප්‍රකාශකොට ඇත . 

කෙසේ හෝ දේශපාලන මැදිහත් වීමකින් අනතුරුව එම නාමලේඛනය තමා සතු කර ගත් නිලන්ත මහත්මා , තම බල  ප්‍රදේශය තුල ආධාර මුදල් ලබාගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේදී , එම ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ සභාපති තුමාද එම ආධාර මුදල් රුපියල් 125000/- (අක්කර භාගයක් සදාහා ) ක මුදලක් ගසා කා ඇති පෙනී ගිය හෙයින් , බදුරලිය පොලිස් ස්ථානයට පැමිලි කොට ඇත  

ඊයේ එජාප අගලවත්ත ආසනයේ ප්‍රධාන සංවිදායක , බස්නාහිර පළාත් සභා  මන්ත්‍රී ගරු පි. ඩි අබේරත්න මැතිතුමා, ඔහුගේ නියෝජිතයන් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් සහ බදුරලිය පොලිසියේ නිලධාරින් විසින් එම තේ ඉඩම නිරීක්ෂණය කිරීමට ගොස් ඇති අතර , එහිදී දැක ගැනීමට හැකි වී ඇත්තේ ,ම එම පුද්ගලයා විසින් නිරෝගිමත් තේ පදුරු  යුහුසුළුව ගලවා දමන ආකාරයයි ,

ඔහුගෙන් කට උත්තරයක් ලබාගත්  පොලීසිය , අද දින 9/27/2017 සවස 4 .00 ට බදුරලිය පොලිසියට රපොර්තු කරන ලෙස දැන්ව ආපසු පැමිණ ඇත.

සවස පැමිණිල්ල විභාග කර ඇති අතර , එහිදී අදාල පුද්ගලයා විසින් නැවත එම මුදල කුඩා තේවතු අධිකාරියට ගෙවීමට පොරොන්දු වී ඇති අතර, පරීක්ෂණය ඉදිරියට කරගෙන යනු පිණිස පොලිසිය විසින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව වාර්ථා වේ.

තවද මේ වන විට , මේ පිලිබදව ඒ ජා ප අගලවත්ත ආසනයේ ප්‍රධාන සංවිදායක , බස්නාහිර පළාත් සභා  මන්ත්‍රී ගරු පි. ඩි අබේරත්න මැතිතුමා  ගරු අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා දුරකථනයෙන් කථා කොට දැනුවත් කොට ඇති බව අපට වර්ථා වේ.

මේ එක සිදු වීමක් පමණක් වන අතර , නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් තවත් කොපමණ මහජන මුදලක් මෙසේ අවභාවිතා වන්නට ඇතිද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටි.  

කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙකුත් දිස්ත්‍රික්ක තුලද තත්වය මෙයට වෙනස් වීමට ඉඩ බොහෝ අඩු බව ඉතා කනගාටුවෙන් සටහන් තබමු 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය , නවීන් දිසානායක මැතිතුමනි , වහාම මේ පිළිබද සොයා බලා දූශිත නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වෙන තෙක් ජනතාව අවදියෙන්.

(විශේෂ වාර්තාකරුවෙක් විසින්)

Powered by Blogger.