අගමැති ලේකම්ට අනතුරු ඇඟවීමක්.


පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ ‘මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ කිසිදු කාරක සභා අවස්ථා සංශෝධනයකට සහාය ලබා නොදෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සරාංග හරිස්චන්ද්‍ර‍ යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍ය ලේකම්, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ලේකම් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

කැෆේ සංවිධානය හා ජාතික මැතිවරණ නීරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අද සවස යොමු කළ ලිපියේ මෙසේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් :

 ‘20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර ඇති බව ඔබ දන්නා කරුණකි.

එසේ තිබිය දී, පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් සහ ජනමත විචාරණයකින් තොරව කාරක සභා අවස්ථාවක දී එම යෝජනාවේ අඩංගු කරුණු සම්මත කර ගැනීමට රජය උත්සහ දරමින් සිටින බව අප සංවිධාන වෙත දැනගන්නට ලැබී ඇත. 

ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට පිටින් ගොස් පනත් සම්මත කොට ගෙන නැත.

එවැනි පරිසරයක ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුනුකුල වන කිසිදු ප්‍රවේශයක් ලබා නොගන්නා ලෙසත්, එවැන්නක් ප්‍ර‍වර්ධනය නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලමු

හෙට දින උක්ත කරණ සදහා පැවති ආංශික කාරක සභා රැස්වීමේ දී කිසිසේත්ම සාකච්ඡා නොකළ කරුණු එනම්, සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුලත් මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයට බව යම් ආයතනයක් හෝ පුද්ගයෙකු ක්‍රියාකාරී ලෙස සහාය දක්වන්නේ නම් එය චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට දායකවීමකි.

අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන සචේචනකිව එයට අපහාස කිරීමකි.

ලලිත්ලට අත්වූ ඉරණම අමතක ද ?

දේශපාලන වාසියක් සදහා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, අධිකරණයට අපහාස කිරීම, පිළිගත් පරිපාලන හා කාර්යාවලියේ ක්‍රමවේදයන් උල්ලංඝණය කිරීම කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකිය.

ඔබ වැනි පරිනත හා පළපුරුදු පරිපාලන නිලධාරියෙකු එවැනි කටයුත්තක නොයෙදෙනු ඇති බව මාගේ විශ්වාසය යි.

දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරිම සදහා පරිපාලන විධායක විසින් කටයුතු කිරීම පිළිබද ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට සිල්රෙදි සිද්ධිය මෙවැනිම පරිසරයක පරිපාලන නිලධාරීන්ට වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවකි.

 එබැවින්, සැප්. 20 දින පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ ‘මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ කිසිදු කාරක සභා අවස්ථා සංශෝධනයකට ඔබ හෝ ඔබගේ සහකාර නිලධාරීන්ගේ සහාය ලබා නොදෙන ලෙස යි.

Powered by Blogger.