පෙට් ස්කෑනරයක් මිලදී ගැනීමට මුල්වූ හමිඩ් සමුගනියි.
හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් සිය පියා හරහා ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය.
ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200ක මුදල පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් අතර එය මිලදි ගැනිම සඳහා රජය කටයුතු කරමින් සිටින අතරතුර හමිඩ් සිය ජීවිතයෙන් සමුගත්තේය.