ප්‍රසන්න රණතුංගට වරෙන්තු.


කොළඹ නගරයේ කැලි කසළ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කලමනාකරණ මධ්‍යස්‌ථානයට රැගෙන ආ අවස්‌ථාවේදී එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් රජයේ දේපළවලට හානි කරමින් පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ නඩුව ඊයේ (18 වැනිදා) පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්‌ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පූගොඩ මහෙස්‌ත්‍රාත් නිලිපුලි ලංකාපුර මෙනවිය වරෙන්තු නිකුත් කළාය.

ඉහත චෝදනාවන් සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය මගින් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විඡේසේකර, ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 10 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇති අතර නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විඡේසේකර ඇතුළු 04 දෙනකු ඊයේ (18 දා) අධිකරණය හමුවේ පෙනී සිට ඇත. අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු 06 දෙනකුට මෙසේ වරෙන්තු නිකුත් කළ අතර ලබන වසරේ පෙබරවාරි 26 නඩුව නැවත කැඳවීමට නියමිත විය.

Powered by Blogger.