මාලිංගගේ කට තරගපාවාදීමේ සැකයක දොර අරියි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් කඩා වැටීමට කණ්ඩායමේ අවශ්‍යතාව නොතකා තණතීරු සැකසීම හා ගුණාත්මක බවින් අඩු පුහුණුකරුවකු ප්‍රධාන පුහුණුකරු කිරීම හේතුවක් වූ බව වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග කියා සිටී.

පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ක්‍රිකට් වැඩමුළුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“ පසුගිය සංචාර කීපයේදිම තණතිරුවට ගියාම අපි කියනවා, රයිට් අපිට මේ වගේ තණකොළ තියල තණතීරුව දෙන්න කියල. තණතීරුවට ගිහිල්ල අඩි දෙකක් යනකොට තණ කොළ කපනවා. තනකොළ කැපුවෙ ඇයි කියල ඇහුවම කියනවා බ්ලේඩ්එක වැරදුනා කියල. ජාත්‍යන්තර තලයේ තණතීරු හදන කෙනෙක් එතන ඉන්නවා නම්, ඔහුට බ්ලේඩ් එක වරදිනව නම් මම හිතන්නේ නෑ එයා ඒ ග්‍රවුන්ඩ් එක හදන්න සුදුසුයි පුද්ගලයෙක් කියල. මේක එකපාරක් හෝ දෙපාරක් නෙවෙයි වෙලා තියෙන්නේ”

මාලිංගගේ මේ කතාව සමඟ තරග පාවාදීමේ තවත් සැකයක් මතුව ඇති බව ක්‍රිකට් කේෂත්‍ර ප්‍රවීනයෝ කියති.

රටේ තරගයක් පැවැත්වෙද්දී දේශීය වාසිද සංචාකරක පිලට ලබාදීම පරපතල තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වාදෙති.

ගොඩ්ෆ්‍රි දබරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතීරු භාරව කටයුතු කරන අතර, ජාතික තණතීරු සකසන්නා ලෙස කටයුතු කරනු ලබන්නේද ඔහුය.

Share on Google Plus