උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත්කිරීම සුදුසු නෑ - යුධ හමුදාපති.

උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාපිත කොට ඇති යුද හමුදා කදවුරු වත්මන් වාතාවරණය අනුව කඩිනමින් ඉවත්කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.



උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක්ලක්ෂ අසූදහසක යුද භට පිරිසක් එහි නොවන බවත් සිටින සෙබල රටේ අවශ්‍යතාව අනුව එහි රදවා තැබිය යුතු යැයි ඊයේ (28) මහනුවර දී මාධ්‍ය හමුවේ යුද හමුදාපතිවරයා කීවේය.

ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත යුද හමුදාවේ ධජ පූජා කිරීම නිමිත්තෙන් පැවැති ආගමිකවතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කීවේය.

එහිදී උතුර හා නැගෙනහිර එක්ලක්ෂ අසූදහසක භට පිරිසක් නොමැති බව අවධාරණය කලේය. එහිදී යුධ හමුදාපතිවරයා

‘රටේ ආරක්ෂාව පිළිබදව කළ විශ්ලේෂණය අනුවයි මෙම භට පිරිස් උතුර හා නැගෙනහිර යොදවා තිබෙන්නේ. අද පවතින තත්ත්වය අනුව එම භට පිරිස් එහි ස්ථාපිත කර තැබීම සාධාරණයි. අපි සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමගයි. යුද්ධයෙන් අනතුරුවත් උතුර හා නැගෙනහිර සංවර්ධනය සදහා විශාල සේවයක් හමුදාව සිදුකරනවා.' යනුවෙනි.

ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මූලාධාරයක් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පරිත්‍යාග කිරීම යුද හමුදාපතිවරයා අතින් එහිදී සිදුවිය.

-නදීක දයා බණ්ඩාර - මහනුවර

Powered by Blogger.