ප්ලේබෝයි නිර්මාතෘ සමුගනියි.

ලොව සුප්‍රකට ප්ලේබෝයි සඟරාවේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් සිය දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වේ.

මියයන විට 91 වියේ පසුවූ ඔහු ස්වභාවික හේතු නිසාවෙන් සිය නිවසේදී අවසන් හුස්ම හෙළු බව ප්ලේබෝයි සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

හෙෆ්නර් ප්ලේබෝයි සඟරාව ලොවට හඳුන්වා දුන්නේ 1953දීය. ලොව ජනප්‍රියතම ඇමෙරිකානු සන්නාම නාමයක් බවට පත්වී ඇති ප්ලේබෝයි වර්තමානයේදී රටවල් 20ට අධික ප්‍රමාණයක ප්‍රකාශයට පත් කරනු ලබයි.

Share on Google Plus