කොමියුනිස්ට් හැරීගේ ජන්ම ශත සංවත්සරය හෙට.


වසර 1948 පළමුවන පාර්ලිමේන්තුවේ මාතර ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද එසමයෙහි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාද වූ හැරී අභයගුණවර්ධන මහතාගේ ජන්ම ශත සංවත්සරය හෙට (24)  සැමරීමට නියමිතය.

එය නිමිති කරගනිමින් හෙට සවස 3.00 ට එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී සංවාද මණ්ඩපයක් පැවැත්වේ.

එම සංවාදයට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, නීතිවේදී එස්.ජී. පුංචිහේවා, මහාචාර්ය හේ. ශ්‍රියාන්නද හා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඊට එක්වීමට නියමිතය.

Powered by Blogger.