ඇතුලේ කචල් : CIDයට ලොක්කෝ තිදෙනෙක්?


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය (CID) භාරව ප්‍රධානීන් තිදෙනකු මේවනවිට පත් කර තිබේ.

මෙතරම් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටියේ ඉහළ නිලධාරීන් දෙදෙනකු පමණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රවී සෙනවිරත්න මහතා කටයුතු කරයි.

ඊට අමතරව එහි හිටපු අධ්‍යක්ෂ (උසස්වීම් ලැබූ) සුදත් නාගහමුල්ල මහතා ද සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.

එම පත්වීම සිදුකර ඇත්තේ පොලිස්පතිවරයා විසිනි.

ඇතුලේ කචල් ?

රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රවී සෙනවිරත්න මහතා සමග ගැටුමක් ඇතිකර ගෙන සිටින පොලිස්පතිවරයා, රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස ඔහුගේ හිතවතකු ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් කිරීමට නිර්දේශ කළ නමුත්,  රහස් පොලිසියේම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ශානි අබේසේකර මහතා එම තනතුරට පත් කිරීමට පොලිස් කොමිසම පසුගිය 07 දා තීරණය කළේය.

කෙසේවුවද රහස් පොලිසියට නම් කර ඇති තිදෙනාම බොහෝ කාලයක් රහස් පොලිසියේ එකට කටයුතු කර ඇති සමීප නිලධාරින් හෙයින් එහි අභ්‍යන්තර ගැටුමක් ඇති නොවනු ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

(SLM)

Share on Google Plus