රවී කරුණානායකගේ අගමැති හීනය නිසා මන්ත්‍රීකමටත් තට්ටු? [Video]


2020දී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන්නට නම් රවී කරුණානායක පක්‍ෂයෙන් ඉවත් කල යුතු යයි ජාඇල එජාප පළාත් පාලන අපේක්‍ෂකයෝ පවසති.

ආසනයේ එජාප සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

රවී කරුණානායකගේ අනාගත අගමැති සිහිනය එජාපයෙන් නම් සැබෑ කරගත නොහැකි බවද ඔවුහු එහිදී කියා සිටියහ.

එසේම රවී කරුණානායකගේ පක්ෂයෙන් ඉවත් කිරීමේ සටන ආරම්භ වී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

යම් හෙයකින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් මන්ත්‍රීධුරයද අහිමිවනු ඇත.



Share on Google Plus