ඩයනා ගමගේට රන්මිනි තැන්න දෙයි. - Info Sri Lanka News | Sinhala

ඩයනා ගමගේට රන්මිනි තැන්න දෙයි.


රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය පත්කර තිබේ.

නිළියක්, නීතිවේදිනියක් හා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා අපේක්ෂිකාවක් වන ඇය ඩයනා ගමගේ පදන නමින් පදනමක්ද පවත්වාගෙන යන්නීය.

ඇය ශ්‍රියානි අමරසේන මහත්මියගේ හේමන්තයේ වසන්තයක් ටෙලියෙන් නිළියක් ලෙස කලා කේෂත්‍රයට පැමිණ පසුව ශ්‍රියානිගේම පුෂ්පරාග ටෙලියේද රඟපෑවාය. ඉන් අනතුරුව දන්දන හේවාවිතාරණගේ සිහින පවුරු හා සිරස රූපවාහිනියේ ජනප්‍රිය හාස්‍ය නාට්‍ය මාලාවක් වූ යර්ස් බොස්හි ද චරිත මැවීය.

රන්මිනිතැන්න ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස නන්දසේන සෙල්ලහෙවා මහතා පත්කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සුරේනි සෙනරත්, සුරේෂ් අබේසිංහ, රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරු, නාවුක හමුදාපති හා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරයා ද පත්ව තිබේ.

අදාළ පත් කිරීම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකර ඇත.

Share on Google Plus