අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට [Breaking News] - Info Sri Lanka News | Sinhala

අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට [Breaking News]


සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා විසිනි.

ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හදිසි සාකච්ඡාවක් සඳහා අද (12දා) රාත්‍රියේ කොළඹට කැඳවා ඇත.

ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අතර මෙම හදිසි සාකච්ඡාව අද රාත්‍රී 8.00 සිට ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවට අනිවාර්යෙන්ම සහභාගී වන්නැයි ජනාධිපති කාර්යාලය ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට ඊයේ (11දා) දුරකථන මගින් දැනුම් දී තිබුණි.


පළාත් සභා මැතිවරණය කල්දැමීමට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය, වර්තමාන දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසෙන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

Share on Google Plus