මහජන බැංකු සභාපති කෝටි 5ක් වන්දි ඉල්ලයි. - Info Sri Lanka News | Sinhala

මහජන බැංකු සභාපති කෝටි 5ක් වන්දි ඉල්ලයි.


දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නම් සංවිධානයක කැවුම්කරු ලෙස පෙනී සිටින එස්.පී. විතානගේ නමැති පුද්ගලයකු විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ද්වේෂසහගත ප‍්‍රකාශ සිදු කරමින් තම කීර්තිනාමයට හානි සිදු කළේ යැයි පවසා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් නඩු පවරා තිබේ. 

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් දුම්රිය සේවයට අයතා අලාභයක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට විතානගේ මහතා විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා කර තිබේ.

එම සියලු චෝදනා පදනම් විරහිත බව පවසන හේමසිරි ප‍්‍රනාන්දු මහතා අධිකරණයේ නඩු පවරමින් සඳහන් කර ඇත්තේ එම මෙවැනි ප‍්‍රකාශ මගින් තමාගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු කිරීමේ චේතනාන්විත උත්සාහයක නිරත වන බවයි.

ඒ අනුව එස්.පී. විතානගේ මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දි  මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ දී නඩු පැවැරීමට හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත.

Share on Google Plus