අගමැති රනිල් සහ මහින්ද සාකච්ඡාව කළ කරුණු මෙන්න. - Info Sri Lanka News | Sinhala

අගමැති රනිල් සහ මහින්ද සාකච්ඡාව කළ කරුණු මෙන්න.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවට වාර්තා වේ.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

මෙම සාකච්ඡාවේදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. 

පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් 20 වන සංශෝධනයේ ඇති වගන්තිය සංශෝධනය කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා ඇත්තේ. එය සමස්ත රාජ්‍ය සේවකයින්ට සිදු කරන අසාධාරණයක් බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා. ඊට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණා. ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. 

Share on Google Plus