රට ගිය වයඹ අධ්‍යාපන ඇමතිට ධුරය අහිමි වෙයි.


වයඹ පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා කලා කටයුතු සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කළ සන්ද්‍යා කුමාර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අද (15දා) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ

ඒ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ එම ධුරයට පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධාන පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක මහතා පත් කර ඇත.

සන්ද්‍යා රාජපක්ෂ මහතා මේ වන විට නවසීලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතර ඔහු එළඹෙන 19දා දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.                                                                                                    

අමාත්‍යවරයා සහභාගි වූ බොහෝ රැස්වීම වල රජය විවේචනය කිරීම හා ඒකාබද්ධයේ පිරිස් සමග දේශපාලන සබඳතා පැවැත්වීම ඔහු  මෙම තනතුරින් ඉවත් කිරීමට හේතු වන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට පිවිසීමත් සමග ජනාධිපතිවරයා විසින් 2015 වසරේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය  ධුරය සන්ද්‍යා රාජපක්ෂ මහතාට ලබා දී තිබුණි.

Share on Google Plus