අර්ජුන් ඇලෝසියස්ට නොතීසි.
ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට නොතීසි නිකුත් කර තිබේ.
නිලධාරීන් කොමිසමට දන්වා ඇත්තේ, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොසිටි බව ය.
ඒ අනුව ඇලෝසියස් මහතාට මෙම දැනුම් දීම කරන්නැයි කොමිසම නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.
මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගේ ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල අංක නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.