පොලිස් නිලධාරියෙක් රොහින්ග්‍යා සරණාගතයෙකු අතවරයකට ලක් කරලා?


බෝට්ටු මගින් ලංකාවට පැමිණ ලංකාවේ රැදවුම් කදවුරක සිටිය දී මියන්මාර් සරණාගතයෙකු ලිංගික අතවරයකට ලක් කළ ‘පොලිස් නිලධාරියෙකු‘ ගේ වැඩ තහනම් කොට ඇත.

සැකකාර පොලිස් නිලධාරියා 2017 ජූලි 10 දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී හදුණාගැනීමේ පෙරට්ටුවේ දී හදුණාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.

ලිංගික අතවරය සිදුව ඇත්තේ මිරිහානේ පිහිටි ‘ආගමනික රැදවියන්ගේ කදවුරේ‘ සිට රෝගාතුර වී කළුබෝවිල රෝහලට එහි ප්‍ර‍තිකාර ලබා නැවත කදවුර කරා රැගෙන යන අතරය.

මිරිහාන කදවුරේ වසර ගණනාවක් සේවය කළ ‘පොලිස් නිලධාරියෙකු‘ විසින් මෙම බරපතල අතවරය සිදු කර ඇත.

අතවරයට ලක්ව ඇත්තේ ගැටුම් හේතුවෙන් මෙයට වසර 6 කට පෙර මියන්මාරයෙන් පලා ආ අයෙකි.

පසුගිය අප්‍රේල් 30 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස

ලංකාවේ නාවික හමුදාව විසින් උතුරු මුහුදේ දී 2017 අප්‍රේල් 30 දින බේරාගත් මිරිහාන රැදවුම් කදවුරේ ලංකා රජයේ අත්අඩංගුවේ සිටිය දී අතරවය සිදුවී තිබේ.

2017 ජූනි 16 දින උණ රෝගය නිසා රෝහල් ගත කොට සුවය ලැබීමෙන් පසුව නැවත කදවුරට රැගෙන යන අතරතුර මෙම නිලධාරියා රැයක් පුරා මෙම තිරිසන් අතවරය සිදු කර ඇත.

දැන් ලංකාවේ බිහිසුණුම රැදවුම් කදවුර ලෙස සැලකෙන බූස්ස කදවුරේ රදවා සිටින රැදවියන් ආගමන නිලධාරීන්ගේ නිර්දේශය මත 2017 අගෝ. 8 දින යාපනය මල්ලාක්කම් හි දී අධිකරණය මගින් නිදහස් කරන ලද පිරිසකි.

ඔවුන්ට ඇමරිකාව හා කැනඩාවේ රැකවරණ ලැබෙන තෙක් කදවුරෙන් පිටත නිවසක රැදී සිටීමට අධිකරණ අවසරය ලැබුණි.

මරණ බියෙන් ජීවිතය බේරා ගැනීමට බෝට්ටුවෙන් පැමිණි වසර හයක ගමනකින් මිරිහාන කදවුරේ ලංකා රජය විසින් රදවන ලදී.

දැන් ඔවුන්ගෙන් අයෙකුට ලංකා රජයේ අත්අඩංගුවේ දී පොලිස් නිලධාරියෙකු විසින් අතවර කර ඇත.

කදවුරක ඉපිද, කදවුරක ජීවත් වී යන්තම් නිවසක් ලැබී මාසයකින් දරුවන්ට නැවත කදවුරක ගාල් කොට ඇත.

අප කථා කරමින් සිටින්නේ ඒ ‘අසරණ දරුවන්, ගැහැණුන් හා මිනිසුන් ගැන බව‘ වටහා ගැනීම පමණක්ම වැදගත් ය.

(රජිත් කීර්ති තෙන්නකෝන්- විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධනය)

Share on Google Plus