2008 සිට රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවා.

2008 වර්ෂයේ සිට රෝහින්‍යා සරණාගතයන් ලංකාවට පැමිණ ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එලෙස සරණාගතයන් පැමිණි විට නීත්‍යානුකූලව කටයුතු කර ඔවුන්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදෙන බවද එතෙක් තාවකාලිකව මෙරට රැඳී සිටිනා බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ වන විට මෙරට ජීවත් වු පුද්ගලයන් ලක්ෂ 20ක් පමණ සරණාගතභාවය ඉල්ලා වෙනත් රටවලට ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"රෝහින්‍යා සාරණාගතයන් මුලින්ම ආවේ කවදාද? මෙම සරණාගතයන් මුලින්ම ලංකාවට ආවේ 2008 දී. 2008 මාර්තු මාසේ 55 ක් ආවා. එතකොට මේ කෑගහන හාමුදුරුවරු කොහෙද හිටියේ. ඇයි එදා පෙළපාළි ගියේ නැත්තේ. ඒකාලේ සරණාගතයෝ ලංකාවට ආවාම ප්‍රශ්ණයක් නැහැ එහෙමද?.

2008 ආපු සරණාගතයෝ 2012 වෙනකම් ලංකාවේ ඉඳලා තියෙනවා. 2012 ජුලි මේ රටින් පිටකර තිබෙනවා. ඊටපසුව 2013 පෙබරවාරි වලදී නැවත 101 ක් ඇවිත් තිබෙනවා.  ඔවුන් පිටත් කළේ 2015 පෙබරවාරී මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් අපිත් ආණ්ඩු බලයට පැමිණියාට පසුවයි. මෙවර පිරිමි 07, කාන්තාවන් 07, දරුවෝ 16 ක් ඇවිත්"

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ලංකාවට පැමිණි පසුව එක් දරුවෙක් උපත ලබා තිබේ.

Share on Google Plus