පාතාල ලොක්කො 12ක් දැන් ඉන්දියාවේ.


බස්නාහිර පළාත අවට කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් ඝාතන මෙහෙයවූ පාතාල නායකයින් 12 දෙනෙකු ඉන්දියාවට පලාගොස් ඇති බව රාජ්‍ය බුද්ධි අංශවලට සහ රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

එම පාතාල නායකයින්ගේ සහයකයින් 50ක් පමණ මේවන විට බස්නාහිර පළාතින් පිට පළාත්වල කේරල ගංජා හා හෙරොයින් ජාවාරම්වල නිරතව සිටින බවට ද මාත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලැබී ඇත.

ඔවුන් අතරද මෑතකදී කොළඹ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධිවලට සම්බන්ධ පිරිස් ඇතැයි ද පැවසේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් දැඩිවීම හේතුවෙන් මොවුන් කොළඹින් පිට ප්‍රදේශවලට පලාගොස් ඇති බව ද මේ අතර වාර්තා වේ.

Share on Google Plus