පාතාල ගෝඩ් ෆාදර්ට රතු නිවේදනයක්. - Info Sri Lanka News | Sinhala

පාතාල ගෝඩ් ෆාදර්ට රතු නිවේදනයක්.


මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වන දැනට ඩුබායිහි වෙසෙන "මාකඳුරේ මධුෂ්" නමැත්තා අන්තර්ජාතික පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා වන රතු නිවේදනය ලබා ගැනීමට පාතාල මර්දන නව මෙහෙයුම් ඒකකය තීරණය කර තිබේ.

මෑතකදී මෙරට සිදුවූ සමයං ඝාතනය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තැබීම, මුල්ලේරියාවේ ව්‍යාපාරිකයකුට වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසකට මාකඳුරේ මධුෂ් නායකත්වය ලබාදී ඇත.

එහෙත් මෙතෙක් මධුෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි වී ඇතැයිද පාතාල මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් ඉකුත් අගෝස්තු 12 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ ස්ථාපිත නව මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මේ වන විට 'මධුෂ්' කර ඇති අපරාධ සඳහා වන වරෙන්තු මෙරට අධිකරණ හරහා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

Share on Google Plus