"එකම මේසයක රාත්‍රී කෑම ගත්තත් තොරතුරු සාකච්ඡා කළේ නෑ" - අර්ජුන්

සිය දියණිය හා බෑණා සමඟ එකම මේසයක හිඳ සෑම රාත‍්‍රීයකදීම ආහාර ගත්තත් කිසිම දිනෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව සාකච්ඡා කර තැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (19දා) පැවසීය.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රෝමේෂ් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් මහෙන්ද්‍රන් මහතා එසේ පැවසීය.

තම දියණිය විවාහ වු පසු, තමාට අයත් කොළඹ 07 ‘මල් පාරේ’ නිවස ඇයට දුන් බවත් එම නිවසේ තම දියණිය හා බෑණා සමඟ තමන් පදිංචිව සිටින බවත් ඔහු පැවසීය.

සෑම දිනෙකම රාත‍්‍රීයේදීම තම දියණිය හා බෑණා සමඟ තමන් රාත‍්‍රී ආහාර ගන්නා බවත් ඒ අවස්ථාවේදී එදින සිදුවු සිද්ධීන් ඇතුළු විවිධ දේ පිලිබඳව සාකච්ඡා කළත්  ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව කිසිම දිනෙක සාකච්ඡා කොට නැති බවත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

Powered by Blogger.