බස්නායක නිලමේගේ වලව්ව කපුවා කොල්ලකාලා (update) - Info Sri Lanka News | Sinhala

බස්නායක නිලමේගේ වලව්ව කපුවා කොල්ලකාලා (update)


කතරගම දේවාලයේ කපු මහතා ඇතුළු  සිය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඊයේ (21දා) රාත්‍රියේ බස්නායක නිලමේවරයාගේ වලව්වට බලහත්කාරයෙන් ඇතුළුවී රුපියල් කෝටියකට අධික දේපලක් කොල්ලකා ඇතැයි වාර්තාවේ.

මෙසේ කොල්ලකා ඇති දේපල අතර රන්,රිදී,මුතු,මැණික් ඇති බව පැවසේ.

සිය නිවසට බලහත්කාරයෙන් ඇතුළුව දේපල කොල්ලකෑමට විරෝධය විරෝධය දක්වා කතරගම බස්නායක නිළමේවරයා අද (22දා) පෙරවරුවේ කතරගම දේවායේ යතුර රැගෙන ගොස් තිබූ අතර පසුව පොලිසිය මැදිහත් වී පොලිස් ආරක්ෂාව සහිතව දේවාලය යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

update- 10.30 am

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කතරගම දේවාලයේ ගැටුමක්: තාවකාලිකව වසා දමයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද (22) අලුයම නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

මේ නිසා සාම්ප්‍රදායිකව පැවැත්වෙන අලුයම පූජාවට ද බාධා සිදු වූ බව 'නෙත් නිවුස්' වාර්තාකරු කේ.ඩී දේවප්‍රිය මහතා පැවසීය.

දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ දී බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගෙන තිබෙන බවත්, මේ වන විට දේවලය වසාදමා තිබෙන බවත් දේවාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් ද කැඳවා ඇත.

Share on Google Plus