ශ්‍රීලනිපයෙන් ආදර්ශයක් : සංවත්සරයට මත්ද්‍රව්‍ය, ලංගම නෑ!


බීමත්ව හා මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය පැවැත්වෙන භූමියට ඇතුළත් කර නොගැනීමට පක්ෂය තීරණය කර තිබේ.

මේ නිසා බීමත්ව සිටිනා පුද්ගලයන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකු සංවත්සරයට කැඳවා ගෙන ඒමෙන් වළකින ලෙසට සංවිධායකවරුන්ට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව ලංගම බස් රථ භාවිතා නොකර හැකිතාක් පෞද්ගලික බස් රථවලින් ජනතාව රැගෙන ඒමට කටයුතු කරන ලෙසට විධායකවරුන්ට දන්වා තිබේ.  

මෛත්‍රී ශ්‍රීලනිපය හා “නොකිලිටි ගමනක්” යන්න හදයි ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයේ මෙවර තේමාව “නොකිලිටි ගමනක්” යන්න යයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සැප්තැම්බර් දෙවැනිදාට යෙදී ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂයේ සියලුම ජ්‍යේෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන්, පක්ෂ සංවත්සරය සැප්තැම්බර් 03දා කොළඹ කැම්බල් පිටියේදි පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධයටත් ආරාධනා කළා - ජනපති

මේ සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා පත්‍රයවා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

සිරිසේන මහතා මේ බව කියා සිටියේ ඊයෙ (30) රාත්‍රියේ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයේ සමගාමී මාධ්‍යවේදීන්ගේ සුහද හමුවට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

66 වැනි සංවත්සරයේදී මුල්ගල් ගැලවෙන බවට කතා ඇති බවත් ඒ ගැනද ජනපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූවිට ඔහු පැවසුවේ ගල් ගැලවීම ඉවුරු කඩන්වැටීම සිදුවන බවත් ඒත් ගංගාව ගලායාම ඉන් නැවැත්විය නොහැකි යැයි ඔහු සිනාසෙමින් පැවසීය.

මේ, අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, සරත් අමුණුගම, එස්.බී. දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුද එක්ව සිටියහ.

පොළොන්නරුවට - කුරුණෑගලට වඩා මෙවර සෙනඟ වැඩියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව පවත්වන පක්ෂයේ තෙවන සංවත්සරය මෙවර පවත්වන අතර පොළොන්නරුවේ හා කුරුණැගල පැවැති සංවත්සර දෙකටම වඩා අති විශාල ජන සහභාගිත්වයකින් යුතව මෙවර සංවත්සරය සමරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්,ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා කීය.


ආසන මට්ටමින් ගත් කළ මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා විශාල පිරිසක් එක්වෙමින් සිටින අතර වැඩිම තරුණ සාමාජිතකත්වය, කාන්තා සාමාජිකත්වය, සහිත පක්ෂයද ශ්‍රිලනීප ය බවද ඇමතිවරයා සඳහන් කළේය.

Share on Google Plus