රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට. - Info Sri Lanka News | Sinhala

රවීගේ විදේශ ඇමතිකම සරත් අමුණුගමට.



බැඳුම්කර සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වූ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්, ඉන් ඇතිවන පුරප්පාඩුවට ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධුර බෙදා ගැනීම යටතේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු වූවත් මේ අවස්ථාවේ ඇති වී තිබෙන තත්වය මත රාජ්‍යතාන්ත්‍රික ප්‍රවීනයෙකු වන අමුණුගම මහතාට එම ධුරය ලබා දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

එසේම අමුණුගම මහතා දැනට දරණ අමාත්‍ය ධූරය තිලක් මාරපන මහතාට ලබාදීමට ද යෝජනාවී ඇතැයි පැවසේ.

කෙසේ වූවද රජයේ අමාත්‍යවරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන සතිඅන්ත පුවත්පතක් වාර්තාකර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය නවීන් දිසානායක මහතාට ලබා දීමට යන බවයි.

Share on Google Plus