රවී කරුණානායක ඇත්ත හෙළි කිරීමේ සුදානමක.


පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඉල්ලා අස්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා අනතුරුව සිය මිතුරන් සමග කියා ඇත්තේ, ඡන්දයෙන් පාර්ලිමේන්තු නොපැමිණි ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් බැඳුම්කර ගනුදෙනුව සැලසුම් කළ අන්දම පැහැදිලි කිරීම සඳහා ලබන සතියේ මාධ්‍ය හමුවන බවයි. 

මේ ප්‍රබල අමාත්‍යවරයා මේ වන විට කියමින් සිටින්නේ තමන් බැඳුම්කර ගනුදෙනුව ගැන කිසිවක්ම නොදන්නා බවයි.  

එයට සම්බන්ධ වූ අය ගැන ද කිසිවක් නොදන්නා බව ඔහු කියන අතර, ගනුදෙනුව සඳහා නියෝග නිකුත් කළේ කවුදැයි තමන් නොදන්නා බව ද කියයි.

 කෙසේ නමුත් මූලාශ්‍රවලින් කියැවෙන්නේ අදාළ අමාත්‍යවරයා සහ අති විශේෂ ප්‍රභූ පුද්ගලයා අතර ඇති වූ සංවාදය රවී විසින් පටිගත කර ගෙන ඇති බවයි. 

ඔහු මිතුරන් සමග කියා තිබෙන්නේ ‘මම මට ලැබෙන උපදෙස් අනුව මගෙ වැඩේ කරනවා’ යනුවෙනි. 

අපගේ මූලාශ්‍රයන්ට අනුව එක්තරා රූපවාහිනී නාලිකාවක් ළඟදීම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට සූදානම් ය. 

අදාළ අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම සඳහා බැඳුම්කර කොමිසමට කැඳවිය යුතු වුව ද එකී අමාත්‍යවරයා මේ දක්වා මේ සම්බන්ධයෙන් කරුණු කීමට කොමිසම ඉදිරියට ගොස් නැත.

(LNW)

Share on Google Plus