රංගේ බණ්ඩාරත් ගෙදර යවයි.


නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි බලපත්‍රයක් ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ වාහනයේ නීත්‍යානුකූල බලපත්‍රය මේ වන විට තමාට ලැබී ඇති බව සාක්ෂිකරු අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි.

Share on Google Plus