බැඳුම්කර කොමිසම හමුවට අගමැති ඇතුළු ප්‍රබලයන් රැසක්?


වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කැදවීමට ඉඩ ඇතැයි වාර්තාවෙයි.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී වංචා සිදු කරන ලදැයි ඇඟිල්ල දිගුවී ඇති පාර්ශ්වයන් වෙනුවෙන් අද (08දා) සිට සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ වන අතර සාක්කි මගින් එහිදී නම් හෙළි වන රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කොමිසම හමුවට කැදවීමට ඉඩඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පැමිණිලි පක්‍ෂයේසාක්ෂි විමසීම පසුගිය සිකුරාදා අවසන් විය.

බැඳුම්කර නිකුත් කිරීමේදී වංචා සිදු කරන ලදැයි ඇඟිල්ල දිගු වී ඇති පාර්ශ්වයන් වෙනුවෙන් සාක්ෂි දීම සඳහා මුලින්ම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට කොමිසම පියවර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස කොමිසම හමුවට කැඳවනු ලබන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගෙන් දින හතරක් පුරා සාක්ෂි විමසීමටද, ඒ අතර ඔහු බැඳුම්කර ගනුදෙනු සඳහා මහබැංකුවට ඉදිරිපත් කළ ලේඛන විශාල ප්‍රමාණයක්ද කොමිසමට  ඉදිරිපත්  කිරීමට  බලාපොරොත්තු  වන බව වාර්තා වේ.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පැමිණිලි පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි විමසීම අවසන් කළ බවත්, ඉන් අනතුරුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී වංචා සිදු කරන ලදැයි ඇඟිල්ල දිගුවී ඇති පාර්ශ්ව වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ  කිරීමට  මෙලෙස  පියවර  ගෙන  ඇති  බවත්  වාර්තා  වේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.

Powered by Blogger.