මෛත්‍රී විධායක බලතල අවභාවිත කරන බවට මහින්දගෙන් චෝදනාවක්.


විධායක ජනාධිපති ධුරය අඥාදායකත්වයක් යැයි පවසා එය අහෝසි කිරීමට බලය ලබා ගත් උදවිය වර්තමානය වන විට විධායක ජනාධිපති ක්‍රමයේ බලතල වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකු නොකළ ආකාරයට අවභාවිතයට ලක් කරමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විධායක බලය අවභාවිත කරමින් ආණ්ඩු බලය රැකගැනීමට උත්සාහ කරන බවත් රටේ ජාතික සම්පත් පාර්ලිමේන්තුවට හෝ නොදන්වා අත්තනෝමතික ලෙස විදෙස් රටවලට විකුණා දැමීමට විධායක බලය භාවිත කරන බවත් ඔහු චෝදනා කරයි.



Share on Google Plus