ශිරන්ති සහ යෝෂිත දින වෙනස් කරයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂට සහ ඔහුගේ පුතා වන යෝෂිත රාජපක්‍ෂට අද (14දා) සහ හෙට (15දා) යන දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව තිබුණත් ඔවුන් හෙට (15දා) හා අනිද්දා (16දා) එහි පෙනී සිටින බව වාර්තාවේ.

ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට ඉහතදී ද ශිරන්ති රාජපක්‍ෂට සහ යෝෂිත රාජපක්‍ෂට දැනුම් දී තිබුණද හදිසි රෝගී තත්වයන් ඇති බව පවසමින් ඔවුන් වෙනත් දිනයක්‌ ඉල්ලා තිබූණි.

ඒ අනුව අද සහ හෙට දින ලබා දී තිබුණි.

එහෙත් අද දිනයේදී ද පැමිණිය නොහැකි බව දන්වා ඇති බැවින් හෙට හා අනිද්දා යන දිනයන් ලබා දී ඇත.

Powered by Blogger.