අද තරගයට මාලිංග නෑ? - Info Sri Lanka News | Sinhala

අද තරගයට මාලිංග නෑ?


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී අද (27දා) ආරම්භවීමට නියමිත තෙවැනි එක්දින තරගයේදී මාලිංගව එළියෙන් තබා ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංක කණ්ඩායම යොමුවීමට වැඩි අවස්ථාවක් පවතී. ඒ මෑත කාලීනව මාලිංග දක්ෂතා නොදැක්වීම හේතුවෙනි.

සිය ආබාධ තත්ත්වයෙන් පසුව නැවත කණ්ඩායමට එක්වූ මාලිංග අවසන් එක්දින ඉනිම 10 දී දවාගෙන ඇත්‍තේ කඩුලු 7කි. ඉන්දියාව හා පැවැති පළමු තරග දෙකේදීත් ඔහුට එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය. එම තරග දෙකේදී මාලිංගගෙන් ඉන්දියානුවන් ලකුණු 101ක් ලබාගත්තේය.

මාලිංග මෙම තරගයට ක්‍රීඩා නොකළහෝත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ.

Share on Google Plus