තලතා ඉතිහාසයට...


ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාන්තාවක් ලෙස නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි. විදේශ රැකියා අමාත්‍යධුරයට අමතරව අධිකරණ අමාත්‍යධුරයද හිමිවිය.

2002 ජනවාරි 01 වන දින ගාමිණි අතුකෝරළ මැතිතුමන්ගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය මුල් වරට 2004 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වෙමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ  එක්සත් ජාතික පක්ෂයේ පළමු වැන්නා ලෙස මනාප දිනා ගනිමින් මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසියාය. 

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමගින් හිස්වූ එක් විශයක් වූ අධිකරණ විශය තලතා අතුකෝරාළ මහත්මියට හිමිව ඇත.

Share on Google Plus