විජේදාසගේ තනතුර ගාමිණී ට?


අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් නෙරපීමෙන් පසු පුරප්පාඩු වූ බුද්ධ ශාසන අමාත්‍ය තනතුරට වත්මන් රජයේ  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා හෙට (25) දිවුරුම් දීමට නියමිත බව  දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමේ චෝදනාව මත විජේදාස රාජපක්ෂ මහතා  ධුරයෙන් නෙරපීමට  අගමැතිවරයා කර තිබූ ඉල්ලීමට ඊයේ (23) ජනාධිපතිවරයා අනුමැතිය ලබාදුන්නේය. ඒ අනුව රාජපක්ෂ මහතා තමන් එතෙක් දැරූ අමාත්‍යාශ දෙකෙන්ම ඊයේ ඉවත් ව ගියේය.

නව ධුරයට පත් වීමට නියමිත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකි. 1977 ජේ. ආර්. ජයවර්ධන රජය සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් කීප දෙනා අතුරින් ද කෙනෙකි.

Share on Google Plus