විරුද්ධවන්නන් මර්දනය... - Info Sri Lanka News | Sinhala

විරුද්ධවන්නන් මර්දනය...


කොළඹ-නුවර අධිවේගී මාර්ගය සකස් කිරීමේදී මීරිගම සහ අලව්ව අතර කොටසේ කුඹුරු සහ වගුරු ස්ථාන ගොඩ කිරීමකින් තොරව කණු උඩ ඉදිකිරීමට නිර්දේශ කර තිබුණද එම නිර්දේශවලට පටහැනිව අධවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරමින් සිටී. අදාල කුඹුරු සහ වගුරු බිම්වල පස් පුරවා මේ වනවිට දැවැන්ත පරිසර විනාශයක් සිදු කරමින් සිටී.

මෙයට එරෙහිව විරෝධතා දක්වන පරිසරවේදීන් සහ අදාල ප්‍රදේශයේ ජනතාව වෙත තර්ජන එල්ල වී ඇති අතර විශේෂත්වය වන්නේ මෙම තර්ජන සිදුකිරීම සඳහා පොලීසිය යොදවා තිබීමයි. මීට අමතර මැර පිරිස් යොදවා විරෝධතාකරුවන්ට පහර දී තර්ජනය කර ඇති බව ද වාර්තා වේ.

මීට පෙර අදාළ විරෝධය මෙහෙයවන දෙදෙනකුගේ නිවෙස් වලට පොලිසීයෙන් පැමිණ අනවසරයෙන් නිවාස පරීක්ෂා කිරීමටත්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වන බවත් පවසා තර්ජනය කර තිබිණි.

එහි නවතම සිදුවීම වන්නේ පෙරේදා (25) රාත්‍රියේ අලව්ව ප්‍රදේශය ආශ්‍රිත ගම්මානයක මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටි පිරිසකට කඩුවලින් සහ පොලුවලින් පහර දීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී (ශ්‍රීලනිප) ශාන්ත බණ්ඩාරට සහ පළාත් සභා මන්ත්‍රී (එජාප) ප්‍රසන්න ශමල් සෙනරත් යන දේශපාලනඥයන්ට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිසක් මෙසේ කඩා පැන ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම සිදුවීමට සම්බන්ධ කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොසීසිය විසින් කිසිදු පරීක්ෂණයක් සිදුකර නෙමැත.

පහරකෑම හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

(LNW)

Share on Google Plus