දුමින්දගේ නව මාධ්‍ය ලේකම් භාෂ්වර. - Info Sri Lanka News | Sinhala

දුමින්දගේ නව මාධ්‍ය ලේකම් භාෂ්වර.


කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නව මාධ්‍ය ලේකම්වරයා ලෙස භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයාද වන ඒ මහතා වෘත්තියෙන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද වූ ඔහු කළක් තරුණ සේවා සභාවේ සභාපති ලෙස ද කටයුතු කළේය.

ඒ මහතාගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු වූ නන්දසිරි ගුණරත්නය.


භාෂ්වර සේනාංක ගුණරත්න පසුගිය රාජපක්ෂ පාලන සමයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු මුදල්වලින් අයථා දේපළ මිලදී ගැනීම් සහ වෙනත් වත්කම් මිලදී ගැනීම් සිදුකල බවට ද, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු මුදල්වලින් මිලියන 29ක මුදලක් මෙරට ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක තැම්පත් කර ඇති බවට ද චෝදනා එල්ල වුවෙක් ද වේ.

Share on Google Plus