'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි? - Info Sri Lanka News | Sinhala

'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?


තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එය පිලිගෙන සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස පසුපෙල අසුන් ගන්නා බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට දනවා ඇතැයි වාර්තා වෙයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් දැනට දරන අධිකරණ හා බුද්ධශාසන ඇමති දුරයට වඩා බලවත් ඇමති තනතුරක් ලබා දෙන බවට එජාප බලධාරීන්ගෙන් වූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමතිවරයා මේ බව දන්වා ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්නොවුවහොත් ඔහු ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වන අතර ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද ඊට සූදානමක් ඇති බවක් මේ වන තෙක් වාර්තා නොවෙයි.

ඉවත් කල හැකි අනෙක් ක‍්‍රමය වන්නේ විශ්වස භංගය වන අතර එම ක‍්‍රියාමාර්ගයද දැඩි අවදානම් තත්වයකට වැටී ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය මෙන්ම ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශවයද දැනටමත් ඊට විරෝධය පල කර ඇති බැවිනි.

මේ අතර අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පල කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂව සියළුම නිකායන්හි නාහිමිවවරුන්ගේ ප‍්‍රකාශයන්ද ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වෙයි.

(Lanka C News)

Share on Google Plus