ප්‍රංශ තානාපති සහ විදේශ ඇමති අතර හමුවේ.


ප්‍රංශය සහ ශ්‍රීලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමේ කාලය එළඔ ඇති බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයින්හි ප්‍රංශ තානාපති ජොන් මැරීන් ෂුක් (Jean - Marin Schuh) මහතා පෙන්වා දෙයි.

ප්‍රංශ තානාපතිවරයා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා ජාත්‍යන්තරයෙන් ලැබෙන සහය අගය කළේය. ඒ අතර ප්‍රංශයද විශේෂවන බව හෙතෙම කීය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ශක්තිමත් ක‍ර ගැනීම ඉතා වැදගත් බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  

Share on Google Plus