සම්පත්, PABC බැංකු බලය තාම ධම්මික අතේ? - Info Sri Lanka News | Sinhala

සම්පත්, PABC බැංකු බලය තාම ධම්මික අතේ?

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික දැවැන්තයෙකු වන ධම්මික පෙරේරා මහතා සම්පත් බැංකුව හා පෑන් ඒෂියා බැංකු වල අධ්‍යක්ෂක මණ්ඩල වලින් ඉවත්වීමෙන් අනතුරුව පවා එම බැංකු වල තීරණ වලට ඔහුගෙන් බලපෑම් ඇති බවට අනාවරණය වී තිබේ.

මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී මහා බැංකු සේවකයන් පිරිසක් විසින් පවසා ඇත්තේ ධම්මික පෙරේරා මහතා විසින් සිය අතකොලුවන් මගින් මෙම බැංකු වල එදිනෙදා කටයුතු වලදී තවමත් බලපෑම් ඇති කරන බවයි.

මහබැංකු නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ගේ කොළඹ ලිබර්ටි ප්ලාසා හා සිට්‍රස් හෝටල් ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 6 ක මුදල් ණයක් ලබා දී ඇත්තේ කෙසේද යන්න සොයා බලන මෙන් ද ඔවුන් එම ලිපියෙන් ඉල්ලා ඇත.

බලවත් ව්‍යාපාරිකයන් ගේ බලපෑම් කිරීමේ හැකියාව යොදාගෙන පෙරේරා මහතා විසින් සිය සමාගමක් වන වැලිබල් වන් හි කොටස් මිලදී ගැනීමට සේවක අර්ථසාධක අරමුදලට බලපෑම් කර ඇතැයි ද එම ලිපිය මගින් චෝදනා කර තිබේ.

තවද, මීගමු ප්‍රදේශයේ තරු හතේ හෝටලයක් තැනීම සඳහා මහජන නිකුතුවක් මගින් ඔහු ජනතා මුදල් අත්පත් කරගෙන තිබුණද, පස්වසරක් ගතවුවත් එම හෝටලය තවමත් තනා නැති බව ඔවුන් වැඩිදුරටත් චෝදනා කර ඇත.

(SLM)

Share on Google Plus