නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට.

පුද්ගලික රෝහලක් වන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා තිබේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් දෙපාර්ශවය ලෙස මෙම ගිවිසුමට අත්සන් තැබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්, නිදහස් රෝහලක් වශයෙන් පාලන මණ්ඩලයක් මඟින් එය මෙහෙය වීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ සඳහන් කළේය. 

එමෙන්ම මෙම රෝහලට චෝදනාවක්ව පැවති රෝගීන් නොමැතිවීම මෙම තීරණය තුළින් මඟහැරී යන බවත්, අගෝස්තු මස 1 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 



Powered by Blogger.