වරාපිටියේ පාසල් සිසුන් ජවිපෙ මැයි රැළියට ‍ගෙන ගිහින්?


අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි 01 වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීම ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම මැයි රුළියට සහභාගි වු දරුවකුගේ පියෙකු විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත.එම පාසලේ ගුරුවරුන් තිදෙනකු මෙම සිසුන් රැගෙන ගිය බවට රුළියට සහභාගි වු සිසු සිසුවියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදුන් ලිපියේ සදහන් වි තිබේ.එම දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක්ද අය කරගෙන තිබේ.

මෙම සිසුන් අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ කොළඹ බලා පිටත්ව තිබේ.පසුදින අලූයම කොළඹට පැමිණි පසුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබේ.ඉන්පසුව තමන් ජනතා විමුක්ති මැයි රුළිය ආරම්භක ස්ථානය වෙත රැගෙන ගොස් රතු තොප්පි ලබා දි මැයි පෙළපාලියට සහභාගි කර ගත් බවද සිසුන් ඉදිරිපත් කරන ලද ලිපියේ සදහන් වී ඇත.

වරාපිටිය විදුහලේ විදුහල්පති සේනක බංඩාර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා බවත් මේ ගැන සියලූ තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවත් ය.

මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස පැවසුවේ වරාපිටිය ගම්මානයේ දෙමව්පියන්ගෙන් ලැබුණ තොරතුරක් මත තමන් මේ ගැන පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ ගුරුවරයකු පොල්ලකින් තමන්ට පහර දීමට පැමිණි බවයි.

පසුව තමන් 119 දුරකථන අංකයට දැනුම් දි මහ ඔය පොලීසියෙන් පැමිණි පසු මේ ගැන සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත් ඒ මහතා පැවසීය.මෙම ගුරුවරයාගෙන් ලැබුණ විරෝධය නිසා පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ මහතා කීවේය.

මේ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු මගින් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහුගේ වාර්තාව පැමිණි පසු මේ සම්බන්ධයෙන් විනයාණුකුල පියවරක් ගන්නා බවත් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසීය.

Share on Google Plus