ලොතරැයි ටෙන්ඩරය ගත්තේ නිසි ක්‍රමවේදයකින්. [පිළිතුරු දීමේ අයිතිය]


පසුගිය 10 වෙනිදා අප වෙබ්අඩවියේ පළවූ 'රවී හොරෙක් නෙමෙයි - නුවන් නිරෝධටත් ටෙන්ඩර් දාලා ඇඩ් දීලා.' යන පුවත සම්බන්ධයෙන් 'අපේ Advertising' ආයතනය අප වෙත කරුණු පැහැදිලි කිරීමක් ඒවා තිබේ.

එම ලිපිය මඟින් ඔවුන් වෙත නිසි ක්‍රමවේදයන්ට අනුකුලව විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අදාල වෙළඳ ප්‍රචාරණ ටෙන්ඩරය හිමිවූ බව ප්‍රකාශ කරයි.

එම ලිපිය පහතින් දැක්වේ.

කතෘ සටහන : අදාළ පුවත 'අපේ Advertising' ආයතනය වෙත හෝ එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත අපහාස කිරීමේ හෝ එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ කිර්ති නාමයට හානි කිරීමේ අදහසකින් අප විසින් පල කල පුවතක් නොවන බවත් ඉන් ඔවුන් වෙත යම් හානියක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් අප වෙබ්අඩවියේ කණගාටුව පල කරන්නෙමු.

එසේම අදාල පුවත මඟින් අප ප්‍රශ්න කර සිටියේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පරාජයට පත් කරමින් මේ වසරේ මාර්තු මාසයට ආසන්න කාලයක සමාගමක් ලෙස ආරම්භ කල 'අපේ Advertising' ආයතනය වෙත අදාල ටෙන්ඩරය හිමි වුයේ කෙසේ ද යන්නයි. 

ඒ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ එම ආයතනයේ සභාපතිවරයා වන නුවන් නිරෝධ අල්විස් ප්‍රකාශ කලේ තම ආයතනය අවම ලන්සුව ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට මෙම ටෙන්ඩරය හිමි වූ බවයි.  

සංවර්ධන ලොතරැයි මණ්ඩලය අයත් අමාත්‍යවරයා වන්නේ විදේශ කටයුතු (ලොතරැයි) අමාත්‍ය රවී කරුණානායක මහතා බවත් 'අපේ Advertising' ආයතනයේ සභාපතිවරයා වන නුවන් නිරෝධ විසින් පවත්වාගෙන යන abrighterfuture.lk නම් වෙබ්අඩවිය කරුංකා ජාවාරමක් සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාට චෝදනා කර තිබෙනු නිරීක්ෂණය කිරීමට අපට හැකි වූ බවත් මීට පෙර රවී කරුණානායක මහතාට එම චෝදනාව එල්ල වී තිබු බවත් අප පුවතෙහි තව දුරටත් සඳහන් ව තිබිණ.




Powered by Blogger.