ආණ්ඩුවේ තුනෙන් දෙක තව සති දෙකකින් ඉවරයි. - Info Sri Lanka News | Sinhala

ආණ්ඩුවේ තුනෙන් දෙක තව සති දෙකකින් ඉවරයි.


වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය තවත් සති දෙකකින් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඇතැම් අයට මෙම පුවත යටගැසීමට අවශ්‍ය නිසා බොහොම නිර්මාණශීලීව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පිළිබඳ පුවත කරළියට ගෙන ඒමට උත්සාහ කරන බවද මන්ත්‍රිවරයා පැවසුවේය.

2015 අගෝස්තු 18 වැනි දින සිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් වෙන් වන බවට ප්‍රවෘත්ති පළ වූ නමුත් කිසි විටෙක ඒකාබද්ධ විපක්ෂයේ වෙන්වීමක් සිදු නොවන බවත් රොෂාන් රණසිංහ මහතාගේ ඉවත්වීම ඒකාබද්ධ විපක්ෂයේ වෙන්වීමක් ලෙස ඇතැම් මාධ්‍ය පළකර තිබුණද එසේ කිසිදු ආකාරයක වෙන්වීමක් සිදු නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද අලහප්පෙරුම මහතා ඊයේ බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීය.

Share on Google Plus