රවිගේ චීෆ් ඔෆ් ස්ටාෆ්ට ලක්ෂ දෙකහමාරක් - විසුම්පාය දෙන්නත් ජනපති බෑ කියලා. - Info Sri Lanka News | Sinhala

රවිගේ චීෆ් ඔෆ් ස්ටාෆ්ට ලක්ෂ දෙකහමාරක් - විසුම්පාය දෙන්නත් ජනපති බෑ කියලා.


විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා රුපියල් ලක්ෂ දෙකහමාරක වැටුපකට කාර්ය මණ්ඩල ප්‍රධානියකු (Chief of staff) පත්කර ගැනීමට ඊයේ (25) කැබිනට් සංදේශයක් ඉදිරිපත්කර තිබූ බව වාර්තා වේ.

මේ යෝජනාව සමඟ අමාත්‍යවරු කිහිපදෙනෙකුම පවසා ඇත්තේ එවැනි තනතුරක් ලබාදී සේවකයන් බඳවාගත හැක්කේ ජනපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ කාර්යමණ්ඩලයට පමණක් බවයි.

පසුව ඊට පිළිතුරු දුන් කරුණානායක මහතා පවසා ඇත්තේ තමාටද ඔවුන්ට මෙන්ම විදේශකටයුතු අමාත්‍යංශයේ වගකීම් රැසක් පැවරී ඇති බැවින් එවැනි අයකුගේ සහය අවශ්‍ය බවයි.

සංවාදයට එක්වූ ජනපතිවරයා පවසා ඇත්තේ රවීට එවැනි අයකු පත්කර ඔහුගේ කාර්ය පහසු කළෙහොත් සෙසු කැබිනට් අමාත්‍යවරුන්ට ද එවැනි තනතුරක සේවය ලබාදීමට සිදුවන ඇති බවයි.

පසුව Chief of staff ලා අවශ්‍ය ඇමතිවරුන්ට අත ඔසවන ලෙස ජනපතිවරයා පවසා ඇති අතර අමාත්‍යවරු සියලුදෙනාම පාහේ ඒ සඳහා අත ඔසවා ඉල්ලීම් කළ බව පැවසේ.

කෙසේවුවද, එවැනි වැටුපකට කාර්ය මණ්ඩල ප්‍රධානියකු (Chief of staff) පත් කළ නොහැකි බවද අමාත්‍යවරු එහිදී පෙන්වාදී තිබේ. 

ඉන්පසුව මේ සම්බන්ධයෙන් ජනපති ලේකම්වරයාගේ ද සහය ලබාගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ එවැනි තනතුරකට ගෙවිය හැකි උපරිම වැටුප ලක්ෂයක මුදලකට යටත්වන බවයි.

ඉන්පසුව ජනපතිවරයා අවශ්‍ය නම් රවී ඇමතිවරයාට උපදේශකයකු පත්කරගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවද වාර්තා වේ.

මේ අතර තම නිල නිවස ලෙස භාවිතා කිරීමට විසුම්පාය ලබා දෙන ලෙස කල ඉල්ලීමක් ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර තමාගේ චරිත ගාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.



Share on Google Plus