Ads Top

Ray Ad

මහේෂ් සේනානායක හමුදාපති - ආරක්ෂක ලේකම්, නැගෙනහිර ආණ්ඩුකාර තනතුරුත් වෙනස් වේ [Breaking News]


හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කර තිබේ. ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගිනි.

මේ අතර නව ජනපති ලේකම් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මෙන්ම ශ්‍රී ලංක පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද වැඩ බාරගත්තේය.

නැගෙනහිර පළාත් නව ආණඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් ලෙස පත්වීමෙන් හිස්වූ නතතුර සඳහාය. නීතිඥයෙකු මේනම විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වශයෙන්ද රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර තිබේ. 

නව යුද හමුදාපති ලෙස හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මහේෂ් සේනානායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට ඇති අතර ඔහු මේජර් ජනරාල් ධුරයේ සිට ලුතිනන් ජනරාල් ධුරය දක්වා උසස්වෙනු ඇත.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් පසු හමුදාපති ධූරය හිස්ව පැවතුණි. ඒ සඳහා පත් කෙරුණු මහේෂ් සේනානායක මහතා යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දරමින් සිටියේය.

මහේෂ් සේනානයක මහතා යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති ලෙස දමිල නායකයන් හා රාජ්‍ය සේවකයන් සමග සහයෝගයෙන් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුළන ලබන පුද්ගලයෙකි.

Powered by Blogger.