ගූගල් ලූන් ව්‍යාපෘතිය: හරින්ගේ කතාව බොරුවක්? - Info Sri Lanka News | Sinhala

ගූගල් ලූන් ව්‍යාපෘතිය: හරින්ගේ කතාව බොරුවක්?


මෙරට මුදල් වැය නොවූ බව පැවසූ ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා රුපියල් 9,872,538.20 මහජන මුදලක් වැය කර ඇති බව මේවනවිට හෙළිදරව්වී ඇත.

අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව පවසමින් අත්හදාබැලූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතියේ අක්‍රමිකතා රැසක් newsfirst පසුගිය සමයේ අනාවරණය කරණු ලැබිණි.

එහි ප්‍රධාන කරුණක් වූයේ ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක්වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහය වේ.

මෙම ව්‍යාපෘතියට මෙරට මුදල් වැය නොවූ බව ඊට සම්බන්ධවූවන් අවධාරණයෙන් කියා සිටියහ.

ඇමති කියන්නේ ඇත්ත ද ?

''සත පහක් ලංකාවේ සල්ලි වලින් මහජනයාගේ ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ මුදල් මේකට පාවිච්චි කළේ නැහැ'' යයි විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ අවධාරණය කර සිටියේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමතිතුමණි, ඔබ ප්‍රකාශ කරන්නේ සත්‍යයක් නම්,

මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක් වියදම් කළේ ඇයි?

සිංහල සහ දෙමළ භාෂාවෙන් වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙව්වේ ඇයි?

කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තව ත් ලක්ෂ 35ක් වැය කළේ කෙසේ ද?

අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව වීඩියෝ පටයක් නිපදවීම සඳහා තව ත් රුපියල් 934,065ක් වැය නොකළේ ද?

උත්සව අවස්ථාව සම්බන්ධීකරණය කිරීම සඳහා තව ත් පෞද්ගලික සමාගමකට ගෙවා ඇති රුපියල් 2,157,973.20 කුමක් ද?

මෙසේ වියදම් කළ රුපියල් 9,872,538.20 මහජන මුදල් නොවේ ද?

Share on Google Plus