වරද පිළිගත් සරණට දඩය රු.2000යි. - Info Sri Lanka News | Sinhala

වරද පිළිගත් සරණට දඩය රු.2000යි.


ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ වරදට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් රු.2000ක දඩ මුදලක් නියම කර තිබේ.

අදාළ නඩුව ඉකුත් සතියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට දඬුවම් නියම කිරීම අද (20) දිනට නියම වී තිබුණි.

ඒ අනුව අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්, වරද පිළිගෙන ඇති සරණ ගුණවර්ධන මහතාට රු.2000ක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 6ක සිරදඬුවම් ලබාදෙන බවට නියෝග කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2005-07 කාලයේ වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Share on Google Plus