ශාන්ත අන්තෝනි සියවස් සැමරුම චන්දිම අතින් විවෘත කෙරෙයි.


ශාන්ත අන්දෝනි විද්‍යාලය බද්දේගම ප‍්‍රදේශයේ ඇති ජනප‍්‍රය පාසලයකි . සිසු සිසුවියන් 1500 ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ ආචා්රය මණ්ඩලය 78 කින් සමන්විතය. විද්‍යාලයේ වසර 100 ක ඉතිහාසය සමරන මේ වසරේ ඒ වෙනුවෙන් ප‍්‍රදර්ශනයක් සංවිධානය කර ඇත. 

විද්‍යාලයේ පමණක් නොව ප‍්‍රදේශයේ අනිකුත් විිද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ද දැණුම වර්ධනය වන ආකාරයට සංවිධානය කර ඇති මෙම ප‍්‍රදර්ශනයට සිසු සිසුවියන්ගේ නිර්මාණ මෙන්ම වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 19 ක නිර්මාණ හා ප‍්‍රදර්ශණ ඇතුලත් කුටි රාශියක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුලත් කර ඇත.

පසුගිය සෙනසුරාදා අතිගරු ජනාධිපති තුමා විසින් ප‍්‍රදර්ශනය විවෘත කළ අතර ලබන බදාදා දක්වා විවෘතව ඇත. 

අද දින ප‍්‍රදර්ශනය විවෘත කරමින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහභාගී විය. විවෘත කිරීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය සදහා ඇති නව නිපයුම් අගයමින් සිසු සිසුවියන් දිවිමත් කර අමාත්‍යවරයා අනතුරුව උත්සව සභාවටද එක්විය.

මෙම විවෘත කිරීම හා උත්සව සභාව සදහා ගාලු දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා විද්‍යාලයේ විදුහල්පති ඉන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.




Powered by Blogger.